ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රමාද වීම නිසා, පාර්ලිමේන්තුව කැඳවීම කල්තබයි..
කලින් ප්‍රකාශ කළ පරිදි පාර්ලිමේන්තුව හෙට නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දැනුම් දුන්නේය. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන බව කතානායකවරයා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වීමෙන් පසු හෙට (15) පාර්ලිමේන්තුව කැඳවීමට පක්ෂ නායක රැස්වීමේදී මීට පෙර තීරණය විය. ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ ජූලි 18 වැනි සඳුදා ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාර ගැනීමට තීරණය විය.
ඉන් අනතුරුව ජුලි මස 20 වැනි බදාදා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ද පක්ෂ නායකයින් තීරණය කර තිබුණා. කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ මාලදිවයිනට පළා ගොස් අද සිංගප්පූරුවට ගොස් සරණාගතභාවය පතා ඇත්තේ ඊයේ සිය ඉල්ලා අස්වීම ලබාදෙන බව ප්‍රකාශ කර තිබියදීයි.
ජනාධිපතිවරයා තවමත් සිය ඉල්ලා අස්වීම භාරදී නොමැති අතර ඔහු වෙනුවෙන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොදීම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාකූලත්වය තවත් ගැඹුරු කරමින් සැලසුම් කර තිබූ පාර්ලිමේන්තු කටයුතු අවුල් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |