පාර්ලිමේන්තුවට හදිසියේම විශේෂ ආරක්ෂාවක් යොදවයි..! පොලිසිය හමුදාවට අමතරව කැරලි මර්දන ඒකකයත් යොදවයි

Parliament of Sri Lanka Sri Lanka President of Sri lanka Ministry of Defense Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 15, 2022 12:54 PM GMT
Report

අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාල සීමාවේදී පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

ඒ කතානායක වරයා ප්‍රධාන පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් කරන ලද ඉල්ලීමක් අනුවය. මේ අනුව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ බවට ප්‍රකාශය කෙරෙන අද (15) දිනයේ සිට අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන ලබන 20 වැනිදා දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් සහ හමුදා කණ්ඩායම් සහ කැරලි මර්දන කණ්ඩායම් කැඳවීමටද පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වීමට පෙර ඒ අවට ප්‍රදේශයේ විශේෂ සෝදිසියක් කිරීමටද පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔයේ නාවික මුරසංචාර වැඩි කිරීමටද පියවර ගෙන ඇතැයි ආරක්ෂක අංශ පවසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now