අද පාර්ලිමේන්තුව මුළු රටටම විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Mar 05, 2024 04:17 AM GMT
Report

Update 

උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ, එස්. සී. මුතුකුමාරණ මහතා දිවුරුම් දෙනු ලැබුවා.

.............................................

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු කටයුතු ආරම්භවී තිබෙනවා.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාර දෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කළා.

යෝජනාවට ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද අත්සන් තබා ඇති බවයි අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

සමගි ජන බලවේගය මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම ආරම්භ කරනු ලැබුවේ, මාර්ග සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවලට පටහැනිව එය සම්මත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඉඩ ලබා දුන් බව පවසමිනුයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයෙහි චන්ද්‍රසිරි මුතුකුමාරණ අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව ඇත.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,