ඉරි තුනේ විශේෂ නිවේදනයක්.. රට යාම තහනම්..ඉදිරි සතියේ වෙන දේ මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Janaka Ratnayake
By Aruna May 22, 2023 04:59 AM GMT
Report

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් ලිඛිතව දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ආකාරයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමේ දීය.

මෙම විශේෂ දැනුම් දීම ඇති කාලසීමාවේදී මන්ත්‍රීවරුන්ට විදේශගත වීම තාවකාලිකව තහනම් වන අතර එම කාලසීමාවේදී මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ඊටද හේතු දැක්විය යුතු වනවා.

එළැඹෙන 24 වැනිදා එනම් අනිද්දා දිනයේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබීමද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
join now