අද පාර්ලිමේන්තුව රටටම විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna May 09, 2023 04:05 AM GMT
Report

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී තිබෙනවා.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව උදෑසන 10. 30 සිට අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක් විවාදයට ගනු ඇති.

එසේම, ආනයන හා අපනයන පාලන පනතේ, රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ, නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය හෙට (10) පැවැත්වෙන අතර අනිද්දා (11) ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now