ලංකාවේ තීරණාත්ම ඡන්දයක් අද සවස.(LIVE)

Parliament of Sri Lanka IMF Sri Lanka
By Aruna Apr 28, 2023 05:12 AM GMT
Report

IMF එකඟතා පිළිබඳ විවාදය තුන්වන දිනටත් අද (28) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

එම අරමුදලෙන් ණය ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම මෙහි මූලික අරමුණයි.

එමෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එහිදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව අද (28) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සහභාගීවීමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කෙසේ වෙතත් ඔහු පෙරේදා (26) සඳහන් කළේ මෙම ඡන්ද විමසීමේ දී නිදහස් පක්ෂය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බවයි.

සජීවී විකාශනය පහතින් නරඹන්න.




සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now