IMF ගැන විශේෂ විවාදය ඇරඹෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පිළිබඳ විවාදය අද(26) ආරම්භ වනවා.
එය හෙට සහ අනිද්දා දිනවලත් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙරට ආර්ථිකයේ කඩිනම් ප්‍රගතියක් අත්කරගැනීම සඳහා ලක් රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹි අරමුදල් පහසුකමට අදාළ සැකසුම මාර්තු 22 වනදා සභාගත කරනු ලැබුවා.
ඊට අදාළ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන අනුමැතිය මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන යෝජනාවේ දැක්වෙන්නේ.
දින තුනක් පුරා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව අවශ්‍ය නම් ඡන්ද විමසීමක්ද පැවැත්වීම සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |