අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුවේ අද සිදුවන දේ මෙන්න(LIVE).
අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට ආරම්භවී තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දිනැති අංක 2217/28 ගැසට් පත්‍රයේ පලකළ නියමය අද විවාදයට ගැනීමට නියමිතයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (26) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට සිට ලබන 28 වන දින දක්වා දින තුනක් තුළ විවාදය පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
මේ අතර මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියා.
ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළම විවිධ මතගැටුම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කළා.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |