මෝටර් රථ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විවාදය ඇරඹේ.. සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena
By Aruna Mar 07, 2023 04:02 AM GMT
Report

මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9යි 30ට ආරම්භවී තිබෙනවා.

එහි දී මෝටර් රථ පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක නියෝග අද (07) විවාදයට ගැනීමට නියමිතයි.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් නීතීන් විවාදයකින් තොරව හෙට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එළැඹෙන 9 සහ 10 දිනවලදී පළාත් පාලන ඡන්දය කල් දැමීමට සම්බන්ධ දෙදින විවාදය පැවැත්වීමට නියමිතයි.

විවාදය සඳහා එම යෝජනාව ගෙන එනු ලැබුවේ සමඟි ජන බලවේගය විසින්.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now