වෙනස්කම් රැසක් සමඟ අද පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දේ මෙතනින් බලන්න.(LIVE)
නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
සජීවී විකාශනය පහතින් බලන්න.
සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 33 වන ව්‍යාවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පෙරවරු 10යි 30ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපති උත්තමාචාරයේ අංග කිහිපයක් මෙවර ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ.
හමුදා උත්තමාචාර පිරිනැමීමේදී මෙවර විශේෂත්වයක් වන්නේ ජනාධිපති ධජය එසවීමක් සිදු නොවීමයි.
ඉකුත් 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූයේ 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයයි.
එය 2022 වසරේ ජනවාරි 18 සිට ආරම්භ වුණා.
එහි පළවෙනි සැසිවාරය ක්‍රියාත්මක වූයේ 2020 වසරේ අගෝස්තු 20 වනදා සිට 2021 දෙසැම්බර් 12 වනදා දක්වායි.
ඒ අනුව අද දිනයේදී ආරම්භ වන්නේ 09 වන පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරයයි.
පවතින පාර්ලිමේන්තුවක වාර අවසන් කිරීමේදී ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරිත්වය ද අවසන් වනවා.
කෝප් සහ කෝපා කමිටු ද ඒ අතරට අයත්.
ඒ අනුව පාර්ලිමේන්තුව යලි ආරම්භ කිරීමෙන් පසු එම කමිටුවලට නව සාමාජිකයින් පත් කර එහි කටයුතු අලුතින් ආරම්භ කිරීමට ද නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |