කතානායකවරයා පක්ෂ නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena President of Sri lanka
By krishani Jul 19, 2022 08:57 AM GMT
Report

අද(19) දහවල් පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැති පක්ෂ නායක රැස්විමේදි කථානායකවරයා විසින් පක්ෂ නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේ ය. 

ඒ ජනාධිපතිවරෙයෙකු තෝරා පත් කර ගැනිම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසිමේ දී පාර්ලිමේන්තු සභාව තුළ සාමකාමි වතාවරණයක් ඇති කිරිමට කටයුතු කරන ලෙස යි.

එම ඉල්ලිමට පක්ෂ නායකයින් එකඟත්වය පළ කර තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනිමට අදාළ නාමයෝජනා අද පාර්ලිමේන්තු මහලේකම් විසින් භාර ගනු ලැබු අතර, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායකගේ නම් අපේක්ෂකත්වයට යෝජනා කෙරුණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join