දැඩි ආරක්ෂාව මත පාර්ලිමේන්තුව විශේෂ කටයුත්තක් සදහා රැස්වෙයි - එහි සජිවි විකාශය මෙතනින් නරඹන්න.. (LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Sri Lanka Anti-Govt Protest
By krishani Jul 16, 2022 04:15 AM GMT
Report

පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10 ට රැස් වූ අතර එහිදී කථානායකවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම සහ එම තනතුර පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුවට විශේෂ දැනුම්දීමක් සිදුකිරිමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරය සඳහා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම ලබන 20 වනදා සිදු කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අද රැස්වන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සියලු මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙස කතානායකවරයා දැනුම් දුන් අතර ඒ අනුව, ලබන 19 වනදා පාර්ලිමේන්තු සැසිවාරයේදී නාම යෝජනා කැඳවීමෙන් පසු 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී රහස් ඡන්දයකින් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට නියමිතයි.

මෙලෙස පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුවන්නේ මෙරට ඉතිහාසයේ දෙවන වතාවටයි.

එමෙන්ම පාර්ලිමේන්තුව අවට අද ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.

එහි සජිවි විකාශය පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join