දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි..!
Parliament of Sri Lanka
Sri Lanka
By Sewvandhi
අද (28) දේශීය ආදායම් පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේය.
කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුනි.
ඒ අනුව පාර්ලිමේන්තුව යළි රැස්වීම මැයි 09 වනදා පෙරවරු 9.30 දක්වා කල්තැබුණි.
මේ අතර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඊට අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව බවයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා ඕනෑම කෙනෙකුට ලිඛිතව අදහස් ඉදිරිපත් කිරීමටත් කරුණු සාකච්ඡා කිරීමටත් හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |