අද පාර්ලිමේන්තුවේ බලපෙරළියක් වෙයි?..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE).
පාර්ලිමේන්තුව අද පෙරවරු 9යි 30ට යළි රැස් වනවා. සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් පත්‍රයෙන් පළ කළ නියෝගයක් සහ 1969 අංක එක දරණ ආනයන හා අපනයන පාලන යටතේ ගැසට් පත්‍රයේ පල කළ රෙගුලාසි දෙකක් අද දින විවාදයට ගෙන අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු පහේ සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා.
අදින් පසු අප්‍රේල් 18 සහ 22 දක්වා යෙදෙන පාර්ලිමේන්තු සතිය වෙනුවට නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 25 වනදා සිට 28 වනදා දක්වා වන දිනයන්හිදීයි.
මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද ආණ්ඩු පක්‍ෂයට එක්වීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වනවා.
ඒ සම්බන්ධව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ, තම පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමග එක්වීමට අදහස් කර නොමැති බවයි.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |