දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ දෙමාපියන් විවාහ වෙලා..

By krishani Mar 24, 2023 10:00 AM GMT
Report

මීනගයා දුම්රියේ වැසිකිළියක දමාගිය බිළිදාගේ මව සහ පියා විවාහ වූ බව අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී හෙළි විය.

පොලිස් භාරයට ගත් තම ජංගම දුරකථනය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් බිළිඳාගේ පියා මෝසමක්  ගොනුකර තිබු අතර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී දරුවා පිළිබඳ විමසා ඇත.

ඒ අනුව පසුගිය 18 වනදා ඔවුන් විවාහ වූ බවත් බිළිඳා සහ බිරිඳ කොස්සින්න ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිටින බව බිළිඳාගේ පියා අධිකරණයට දැනුම් දී ඇති අතර ඔවුන්ගේ විවාහ සහතිකය ද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත් පරිවාස නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ, බිළිඳා දැඩි කොන්දේසි මත මව්පියන් භාරයට පත්කිරීමට පසුගිය 17 වනදා අධිකරණය නියෝග කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join