යතුරු පැදියෙන් ඇවිත් මව ඉදිරියේම දරුවාගේ පංචායුධය කපා ගෙන ගිහින්

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 04, 2023 12:08 PM GMT
Report

 එකොළොස් හැවිරිදි දරුවකුට අපල උපද්‍රව මඟහැරීමට, පලඳා තිබූ රන් පංචායුධයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිහියකින් කපා ගෙන පලාගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.මෙම දරුවාගේ මව විසින් මේ බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි කරවීමට මව මෙම දරුවා රැගෙන පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ යටගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මව සහ පුතා අසල නතර කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියේ පිටුපස අසුනේ වාඩි වී ආ පුද්ගලයා එයින් බැස ඇවිත් ඔහු අත තිබූ පිහිය කින් රන් පංචා යුධය ගැටගසා තිබූ නූල කපා පංචායුධය පැහැරගෙන යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙම පැහැර ගැනීම සිදු කළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now