මේකනම් කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි.. මතකද පැන්චා.. පැන්චට වයස 38යි..

By Sithumini Sep 15, 2024 06:17 PM GMT
Report


1990 ගණන්වල බොහෝ දෙනෙකුගේ ළමා කාලය නම් වෙන් වෙලා තිබුණේම ඒ සදහා. ඔබට මතකද ඔබේ පුංචි කාලය හැඩ කළ පැන්චා.

Kissyfur, එහෙමත් නැත්තන් සිංහලෙන් අපි හඳුනන "පැංචා" කියන්නෙ 80 දශකයේ නිර්මාණය වුණු ඇමරිකානු කාටූන් වැඩසටහනක්. පුරා දශක හතරක් ගත වෙන්න ආසන්න වුණත් කතාව තුළ තිබෙන නැවුම් බව අදටත් කිසි අඩුවක් නැහැ.

1986 වසරේ සැප්තැම්බර් 13 වෙනිදා තමයි Kissyfur මුලින්ම ලෝකයා හඳුනගන්නෙ. ඒ ඇමරිකානු NBC රූපවාහිනිය ඔස්සේ.

ඒත් සමඟම ලොව පුරා රටවල් රැසක විවිධ නම් වලින් Kissyfur ගමන් කරලා තියෙනවා. ඒ ගමන අතරතුර තමයි 90 දශකයේ අග භාගයේදි Kissyfur ලංකාවට එන්නෙ.

මුලින්ම MTV නාළිකාව හරහාත්, ඉන්පසුව "පැංචා" යන නමින් සිංහල හඬ මුසුවෙන් සිරස TV නාළිකාව හරහාත් ලාංකේය ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. තව දශක ගණනාවක් යන තුරුත් පැංචා වෙනුවෙන් අපේ හදවත්වල තියෙන තැන නම් වෙනස් වෙන එකක් නැහැ.