පානදුර ආරක්ෂාව තර කරයි..

By Sithumi Apr 20, 2023 12:09 PM GMT
Report

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකර තිබෙනවා.

ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ.

පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි මෙලෙස ආරක්ෂාව තරකර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ පොලිස් ජංගම සේවා රථ යොදා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවය.