ජනපතිට කාලය ලබාදිය යුතුයි - පැල්පොල විපස්සි නා හිමි
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නා හිමියෝ පැවසූහ. වි
රෝධතා පවත්වමින් පාලකයින් පලවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද විපස්සි නාහිමියෝ කීහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය බාරගෙන තිබෙන බව කී විපස්සී නා හිමියෝ සියලු අභියෝග ජය ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇති බවද කීහ.
සේදවත්ත විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා වන්දනාමාන කටයුතු කිරීමෙන් අනතුරුව විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායන කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.
ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් වන සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානය හෙලෙනා විජයවර්ධන මහත්මිය සහ දොන් පිලීප් විජයවර්ධන මහතා සඝ සතු කොට පූජා කරන ලද විහාරස්ථානයකි.
බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් දායක සභාවේ සභාපති අමරි මන්දිකා විජයවර්ධන,ලේකම් චන්න වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |