චාල්ස්ගේ අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි..

By Sithumi Jan 28, 2023 05:25 PM GMT
Report

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක් වන පී.එස්.එම්.චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගෙන නොමැති බවට ජනාධිපති කාර්‍යාලය පවසනවා.

තමන්ට නොහඳුනන අයෙකුගෙන් ලැබුණු මරණ තර්ජනාත්මක දූරකථන ඇමතුමත් සමගයි ඇය එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කෙරුණේ.

ඉන් පසුවයි සිය නිල ඉවත් වීම සම්බන්ධයෙන් ඇය විසින් ජනාධිපතිවරයා වෙත දැනුවත් කරමින් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළේ. නමුත් එම ලිපිය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.