ලොව පුරා බිලියන 3.5 කට තියෙන රෝගයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව මෙන්න.

World Health Organization Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Nov 19, 2022 09:27 AM GMT
Report

ලොව පුරා බිලියන 3.5 ක ජනතාවක් මුඛ රෝගවලින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (18) නිකුත් කළ නවතම වාර්තා පෙන්වා දෙනවා.

එම වාර්තා වලට අනුව ඉන් පීඩාවට පත් හතරෙන් තුනක්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන අයයි.

එමෙන්ම සෑම වසරකම ලොව පුරා මුඛ පිළිකා රෝගීන් 380,000 ක් පමණ හඳුනා ගන්නා අතර, සම්පූර්ණයෙන් දත් විනාශවීමට ප්‍රධාන හේතුවක් වන දරුණු විදුරුමස් රෝගය ලොව පුරා බිලියනයකට බලපාන බව ගණන් බලා ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව ගෝලීය මුඛ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රටවල් 194 පුරා ප්‍රධාන ක්ෂේත්‍ර සහ දත්ත මගින් සිදුකළ සමීක්ෂණයට අනුව පසුගිය වසර 30 තුළ රෝගීන් බිලියනයකින් වැඩි වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

ලොව පුරා ඇති එකම පොදු රෝගය වන දත් දිරායාම බිලියන 2.5 ක ජනතාවකට බලපා තිබෙනවා.

මෙහිදී වඩාත් සුලභ මුඛ රෝග ලෙස දන්ත කුහර මගින් ඇතිවන අතර, විදුරුමස් රෝග, දත් විනාශවීම සහ මුඛ පිළිකා වඩාත් සුලභ මුඛ රෝග වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඊට ප්‍රධාන හේතුව බොහෝ දෙනෙකු රෝග වළක්වාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොවීම බවයි.

අඩු ආදායම්ලාභීන් සහ ආබාධ සහිත පුද්ගලයින්, තනිව හෝ රැකවරණ පහසුකම්වල ජීවත් වන වැඩිහිටි පුද්ගලයින්, දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රජාවන්හි සිටින අය, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සුළුතර කණ්ඩායම්වලට අයත් පුද්ගලයින් මුඛ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද එහි දැක්වෙනවා.

අත්‍යවශ්‍ය මුඛ සෞඛ්‍ය සේවාවලින් ආවරණය වී ඇත්තේ ගෝලීය ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයක් පමණක් වන අතර, වැඩිම අවශ්‍යතා ඇති අයට බොහෝ විට අවම වශයෙන් ප්‍රතිකාර සඳහා යොමුවන බව සඳහන්.

බොහෝ විට ප්‍රතිකාර සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මුඛ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රධාන බාධක බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

අධික සීනි පරිභෝජනය, දුම්කොළ සහ මධ්‍යසාර වැනි පොදු අවදානම් සාධක ද ගෝලීය මුඛ සෞඛ්‍ය අර්බුදයට දායක වී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර පවසන්නේ ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් තරුණ වයසේ අවුරුදු 35 ත් 44 වයසේදී සියයට 64 ක් පමණ විදුරුමස් රෝගවලින් පෙළෙන අතර, එය, අවුරුදු 65 ත් 74 ත් අතර සියයට 57 ක් බවයි.

එමෙන්ම පිළිකාවලින් මරණයට පත්වන්නන් අතර වැඩිම පිරිසක් මුඛ පිළිකා රෝගීන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW