දීර්ඝ කාලයක් රෝහලේ ඔක්සිජන් සොරකම් කළ පිරිස අල්ලයි - රෝගීන්ගේ ජීවිත බිල්ලට ගත් මහා පරිමාණ ජාවාරම..

Polonnaruwa Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 06, 2023 01:43 PM GMT
Report

ගෙදර පොලීසිය විසින්, ඉතා දීර්ඝ කාලයක සිට පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවු රෝහල් සේවකයෙකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

පොළොන්නරුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 6 දෙනෙකු අද (06) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

2020 වසරේ සිට අදාළ සොරකම සිදුවී ඇති අතර ඔවුන් විසින් සොරකම් කර ඇති ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව 210ක් බව වාර්තා වනවා.

පොලීසිය සිදුකළ විමර්ශනයේ දී සොරාගත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 25,000ත් 40,000ත් අතර මුදලකට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොළොන්නරුව අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්‍බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now