ඔන්ලයින් පාස්පෝර්ට් අයදුම් කළ පිරිසෙන් සියයට හැත්තෑ පහකගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා ද ...?

Sri Lanka visa Passport Student Visa Online business
By Gagana Apr 19, 2024 03:05 AM GMT
Report

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසන්නේ , මාර්ගගතව ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කළ අයැදුම්කරුවන්ගෙන් සියයට හැත්තෑ පහකගේම අයැදුම්පත් ප්‍රතික්ෂේප වීඇති බව ය.

ජනරාල්වරයා ඒ සම්බන්ධ ව අදහස් දක්වා ඇත්තේ, ඉල්ලුම්කරුවන් 75% ක් ම තාක්ෂණික දැනුමින් තොර වීමත් , ඇතැම් ලිපි ලේඛන විධිමත් ලෙස යාවත්කාලීන කර නොතිබීමත් හේතුවෙන් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී ඇති බවද ය.

තව ද , එම මහතා පැවසුවේ ,ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගතව හඳුන්වාදෙමින් ඒ වෙනුවෙන් ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හඳුන්වා දුන් බවත් ඒ අනුව තෙදින හා සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ හැකි බවත් ය.

සාමාන්‍ය සේවා යටතේ පුද්ගලයන් 192,041 අයැදුම් කර තිබෙන බවත් ඉන් පුද්ගලයන් 91,817 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඇඟිලි සලකුණු සටහන් කර තිබෙන බවත් .

ඉන් 55,600ක් සදහා ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කර දී ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසී ය.

එසේම ,තෙදින ක්ෂණික සේවා යටතේ පුද්ගලයන් 22,471ක් මාර්ගගත ව අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් ඉන් 18,770 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ඇඟිලි සලකුණු සටහන් කර ඇති බවත් ,ඉන් 17,904 ක් සඳහා බලපත්‍ර මුද්‍රණය කර ඇති බවත් ආගමන හෙතෙම පැවසිය.

තව ද, ඇතැම් පුද්ගලයන් මාර්ගගතව අයැදුම් කිරීමේ දී උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ඡායාරූප අපැහැදිලි අන්දමින් ජාලගත කිරීමත්, ඇතැමුන් වෙනත් පුද්ගලයන්ගේ ජංගම දුරකතන අංකවලින් අයැදුම් කර තිබීමත්, ඔවුන්ව ගැටලු පහදාදීම සඳහා සම්බන්ධ කර නොගැනීමත් මත වලංගු ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කරදීමට නොහැකි වී තිබෙන බව ද ඔහු පැවසී ය.

ඊයේ (18) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ආගමන විගමන පාලක ජෙනරාල්වරයා මේ බව අවධාරණය කළේ ය.