කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඝාතනය කර බිරිද සහ දරුවා පලායයි..? - (PHOTOS)

Sri Lanka Businessman
By Sewvandhi Feb 05, 2023 12:38 PM GMT
Report

ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේදි මිය ගොස් තිබෙනවා.මිය යන විට ඔහු 45 හැවිරිදි වියේ පසු වුනා.

සුබසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති බව ඔපෙක්ස් හෝල්ඩිංග්ස් වෙබ් අඩවිය සඳහන් කළේය.

ආයෝජන, ශාස්ත්‍රඥයන් සහ පළපුරුද්ද පිළිබඳ ඔහුගේ දැනුම OPEX හෝල්ඩින්ග්ස් වෙත අර්ථවත් ජයග්‍රහණ ගෙන ආවේය. ඔහු සාර්ථක වූ ව්‍යාපාරික අභියෝග භාර ගැනීමට ද ප්‍රසිද්ධ විය.

OPEX යනු දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා විශේෂිත දියර පොහොර නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ පළමු සමාගම වන අතර, ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පෝෂණ කළමනාකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියා ද වේ.

ඔනේෂ් ඔහුගේ පවුලේ බිරිය සිව්හැවිරිදි දියණිය හා තවත් කාන්තාවක සමග විනෝද චාරිකාවක් සදහා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරට ගොස් එහි මහල් නිවාස ඒකකයක පසුගියදා නවාතැන්ගෙන තිබේ. දින කිහිපයක් යද්දී ඔහුගෙන් හෝ පවුලේ අයගෙන් ආරංචියක් නැති නිසා ශ්‍රී ලංකාවේ ඔහුගේ ඥාතීන් මහල් නිවාස කළමනාකාරිත්වය අමතා ඔමේෂ් සුබසිංහ සිටිනා ඒකකය පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබේ.

මහල් නිවාස කළමනාකාරිත්වය කිහිප වතාවක්ම සම්බන්ධ කරන්නට උත්සාහ කළද ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. නිවාස ඒකකයට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී එහි එක් කාමරයක් අගුළු දමා තිබී ඇති අතර ඔවුන් කාමරයේ දොර කඩා විවෘත කර බලද්දී මියගිය ඔනේෂ්ගේ සිරුර හමුවී තිබෙයි.

ඔහු සමග නවාතැන් ගන්නට පැමිණි බිරිය දියණිය හෝ අනෙක් කාන්තාව ඒ වනවිට එම ස්ථානයේ නොසිටි අතර ඔවුන් එම ස්ථානයෙන් ඊට පෙර දිනක පළාගොස් ඇති බව සීසීටීවී පරීක්ෂාවේදී මහල් නිවාස කළමණාකාරීත්වයට සොයාගන්නට හැකිව තිබේ.

මහල් නිවාසයේ සීසීටීවී දර්ශනවල දැක්වෙන්නේ සුබසිංහ මහතාගේ බිරිඳ, දියණිය සහ නාඳුනන කාන්තාව දින කිහිපයකට පෙර අඟහරුවාදා මහල් නිවාසයෙන් පිටව යන්නේ 'බාධා නොකරන්න' යන පුවරුව දොරේ තැබීමෙන් පසුව බවයි. ඔනේෂ් සුබසිංහ විවාහවී සිට ඇත්තේ බ්‍රසීල ජාතික බිරියක සමගිනි.දියණියට වයස 4 කි.

ජකර්තා හි විනෝද චාරිකාවක යෙදෙන්නට පෙර ඔහු පවුලේ ඥාතීන් කොළඹදී මුණගැසී විනෝද චාරිකාව ගැන විස්තරද පවසා තිබුණි. අවසන් වරට පසුගිය අඟහරුවාදා (02) ඔහුගේ පවුලේ අය සමඟ එරට සිට සම්බන්ධ වී ඇති අතර ඉන් පසුව සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින පවුල මහල් නිවාස කළමනාකාරිත්වය අමතා සුබසිංහව පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබුණි.

සැමියාගේ සිරුර කාමරයේ තිබියදී නිවසින් පිටව යන බිරිය දැරිය හා කාන්තාව අඟහරුවාදා ඉන්දුනීසියාවේ සිට දෝහා බලා පිටත්ව යන ගුවන් යානයකින් රටින් පිටව ගොස් ඇති බවද ඒ පිළිබද පරීක්ෂණ පවත්වන ජකාර්තා පොලිසිය සොයාගෙන තිබේ. පළාගිය අය දැනට සිටින ස්ථානය තවම සොයාගෙන නැත

. සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ව්‍යාපාරිකයා මරාදමා බිරිය පළාගොස් ඇති බවට ඔවුන් සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයද වැඩිදුර කරුණු සෙවීම සම්බන්ධීකරණය කරමින් සිටී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery