යළි තෙල් මිල එක දිගට පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.
ඇමරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු අඩු වීමක් ඊයේ දිනයේ වාර්තා වුණා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 83.59 ක් දක්වා පෙර දිනට සාපේක්ෂව අඩු වූ අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 78 මට්ටමේ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත්තේ, බොර තෙල් මිල මේ වසර අවසන් වන තුරුම ඩොලර් 80ට ආසන්නව පවතිනු ඇති බවටයි.
මේ අතර, මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව පැවතුණා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ, මෙම මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමටයි.
මාසික මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.