අදම සාමාන්‍ය පෙළ ලියන සිසුන් මේ ගැන සොයා බලන්න..නැතිනම් විභාගය ලියන්න බැහැ..
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග -2022 (2023) ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් විදුහල්පතිවරුන්ට නව නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
එම අමාත්‍යාංශයේ නිවේදනයට අනුව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ, විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර රඳවා නොගන්නා ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.
ප්‍රවේශ පත්‍ර නොමැතිවීම හේතුවෙන් කිසියම් සිසුවෙකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම විදුහල්පතිවරයා විසින් දැරිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අදින්(26) අවසන්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ,පළමු පාසල් වාරයේ 03වැනි අදියර ජූනි මස 12 වැනිදායින් ආරම්භ වන බව එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 05.29 දින සිට 06.08 වන දින දක්වා පැවැත්වෙන බව, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |