විනෝද චාරිකාවක් ගිය පුද්ගලයෙකුගේ සිරුර ගල්තලාවක පහලින් හමුවෙයි

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Mar 05, 2023 12:09 PM GMT
Report

මහඔය නුවරගලතැන්න රක්ෂිතයේ විනෝද චාරිකාවක් ගොස් සිටිය දී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය 03 වනදා විනෝද චාරිකාවක් සඳහා පුද්ගලයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්වී ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කළ බවයි

චාරිකාවට එක්වූ පිරිස නුවරගල රක්ෂිතයේ රාත්‍රීය ගත කර ඇති අතර අදාළ පුද්ගලයාගේ සිරුර එම ස්ථානය ආසන්නයේ පිහිටා ඇති ගල්තලාවක පහළ ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි උහන කුමාරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now