ශාකයේ පෝෂණ ඌනතා හඳුනා ගන්න හැටි.
ශාකයකට අවශ්‍ය මූලද්‍රව්‍ය එහෙමත් නැත්නම් පෝෂණය හරි හැටි නොලැබුණු විට ශාකය මඟින් ඉටුකරන කාර්යයන් අඩපණ වෙනවා. එවිට ශාකයේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. එම තත්වය හඳුන්වන්නේ ශාකයේ පෝෂණ ඌනතා ලෙසයි. කෙසේ නමුත් මේ පෝෂණ ඌනතා අපිට පියවි ඇසින් දැකගන්න පුළුවන්.
🌿 යකඩ ඌනතා
නොමේරූ පත්‍රවල දාර අතර සුදු හෝ කහපාට පැල්ලම් පත්‍රය පුරාම දැකගත හැකිය.පත්‍ර දාරවල පාට වෙනස් නොවී පත්‍රය ක්‍රමයෙන් කහ වෙයි.
🌿 කැල්සියම් ඌනතා
ලපටි පත්‍ර කොකු හැඩයට ඇඹරී ව්කෘති හැඩයක් ගනියි.පත්‍ර වියළී මැරී යයි.
🌿 පොටෑසියම් ඌනතා
නොමේරූ පත්‍ර අග කහ වීම සහ සිදුරු ඇති වීම
🌿 මැංගනීස් ඌනතා
මේරූ පත්‍ර මත කහ පැහැ පැල්ලම් හා සිදුරු ඇතිවන අතර අලුත් පත්‍ර මත තද පැහැ පැල්ලම් ඇතිවේ.
🌿 නයිට්‍රජන් ඌනතා
මේරූ පත්‍ර කහ පැහැ වී ඉතිරි පත්‍ර බොහෝ විට ලා පාටක් ගනියි.පත්‍ර අගින් කහ පැහැ වීම ඇරඹී ක්‍රමයෙන් කඳ දක්වා කහ වෙයි.
🌿 මැග්නීසියම් ඌනතා
මේරූ පත්‍ර මලානික වීම.පත්‍ර අගින් කහපාට වීම ඇරඹී පත්‍ර යම් කහපාටට හැරුනත් පත්‍ර දාර කොළ පැහැයෙන්ම පවතී.
🌿 පොස්පරස් ඌනතා
මේරූ පත්‍ර සහ පත්‍ර දාර සාමාන්‍ය පැහැයට වඩා තද අදුරු පැහැයක් ගනියි.පත්‍ර පටුවේ. අවසානයේ දුඹුරු හෝ කළු පැහැයට හැරේ.
🌿 සින්ක් ඌනතා
පත්‍ර යටි පැත්තට ඇඹරී දෑකැති හැඩයක් ගනී.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |