හෙද විද්‍යාල වසා දැමීමට සිදුවෙයි..රටටම ප්‍රබල ප්‍රශ්නයක්..
දෙදහස් දහඅට වසරේ(2018) සිට හෙද විද්‍යාල සඳහා සිසුන් පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීම හේතුවෙන් හෙද විද්‍යාල වසා දැමීමට සිදුවන බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරනවා.
පසුගිය වර්ෂ හතරක කාලයක් තුළ උසස්පෙළ විභාගයට පෙනි සිට හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවටද එම සංගමයේ සභාපති රවින්ද්‍ර කහඳවආරච්චි මහතා කියා සිටියා.
2018 /2019 වසර සඳහා හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් ලැබු සිසුන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවද දෙදහස් විස්ස සහ දෙදහස් විසි එක වර්ෂ සඳහා හෙද විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට මෙතෙක් සම්මුඛ පරීක්ෂණ සිදු කර නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (හෙද පාලන) චාමික ගමගේගෙන් කළ විමසීමකදි ඔහු ප්‍රකාශ කළේ, හෙද විද්‍යාල සඳහා හෙද සිසුන් බඳවා ගැනීමේ කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින බවයි.
2018 /2019 වසර සඳහා හෙද විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් ලැබු සිසුන්ගේ සම්මුඛ පරික්ෂණ පැවැත්වුවද එම බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාද වුයේ එම කාලය තුළ කොවිඩ් වසංගතය පැවතීම හේතුවෙන් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම දෙදහස් විස්ස සහ දෙදහස් විසි එක වර්ෂ සඳහා හෙද විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට ගැසට් පත්‍රයක් ඉදිරියේදි නිකුත් කිරීමටද නියමිතව ඇත.
එසේම ඉදිරි සතිවලදි හෙද සේවයට සුදුසුකම් ලැබු විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුවද එම විශ්වවිද්‍යාලවලින් ලබා දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.
මේ වනවිට හෙද සේවයේ දෙදහස් හාරසියදෙනකුගේ පමණ පුරප්පාඩු ඇති බවත්, එම පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (හෙද පාලන) චාමික ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |