වැටුප් සංශෝධනයෙන් හෙදියන් කැළඹෙයි. - (VIDEO)

Government Employee Ministry of Health Sri Lanka Government Of Sri Lanka Ravi Kumudesh
By Wayomi Feb 18, 2025 03:04 PM GMT
Report

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් හෙද නිලධාරීන් නිලධාරිනියන් අතරද විවේචනාත්මක අදහස් පළවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔවුන් පවසන්නේ,යෝජනා කර ඇති වැටුප් සංශෝධනය අනුව ඔවුන්ගේ අතිකාල දීමනා අඩුවන බවත් නිවාඩු දින දීමනාවද අඩුවන බවයි.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

සුබෝධනී කමිටුවට බම්බු ගහන්න කියලා - රජයෙන් වැඩි කළ ගුරු - විදුහල්පති වැටුප් සූත්‍රය මෙන්න.

සුබෝධනී කමිටුවට බම්බු ගහන්න කියලා - රජයෙන් වැඩි කළ ගුරු - විදුහල්පති වැටුප් සූත්‍රය මෙන්න.

සෞඛ්‍ය වෘත්තිය සමිති සංගම් නායකයකු වන රවී කුමුදේශ සෞඛ්‍ය සේවාවට යෝජිත වැටුප් සංශෝධනය බලපාන ආකාරය තම සමාජ ජාති ගිණුමේ සටහන් කර තිබුනේ මෙලෙසින්,

“සමහර වෙනස්කම් තියනවා, ඒවා කරන්න පුළුවන් මේ අණ්ඩුවට විතරමයි – රවී කුමුදේශ්”

#Budget_2025

📌 වසර 3 වැටුප් වැඩිවීමට, දැනට හිමි 2500/- හා 5000/- අන්තර් දීමනා වැටුපට එකතුවේ. ඒක පොඩි ගණිත ගුණ්ඩුවක්..

📌 අතිකාල සඳහා සුවිශේෂී කොන්දේසි පරිපූරක වෛද්‍ය හෙද සහ අතුරු වෛද්‍ය අමතර දීමනා සඳහා දැනට ගෙවනු ලබන 1/160 ක දීමනාව, 1/200 දක්වා අඩුවේ.

📌 සෙනසුරාදා, ඉරිදා හා PH සඳහා දැන ගෙවනු ලබන 1/20 දීමනාව, 1/30 දකවා අඩුවේ.

රජයේ වැටුප් වැඩි වීම ගණිත ගුණ්ඩුව, පුළුවන් තරම් සරලව..

(2027 වෙද්දී සැබෑ මුදල් වැඩි වීම අවම – 8250යි කීවට ඇත්ත වැඩිවීම – 6990/-)

මෙතෙක් අවම වැටුප

24250 + 2500 + 5000 = 31750

24250 කියන්නෙ මූලික වැටුප..,

7500 අන්තර් දීමනා.., මීට අමතරව ජීවන වියදම් දීමනා – 17800/-


24250 මූලික වැටුප 40000 වෙනවා…,

ඒ වෙන්නෙ 24250 ට දීමනා 7500 එකතු වෙනවා.., තව 8250ක් වැඩිපුර එකතු වෙනවා.., 24250 + 7500 + 8250 = 40000


එතකොට 2025 අප්‍රේල් වැටුපට එකතු වෙන්නෙ කීයද..,

සැබෑ ලෙස වැඩි වූ 8250න් 5000කුත්, ඉතිරියෙන් 30% කුත්,

(8250 – 5000=3250)

3250 × 30% = 975


එතකොට අප්‍රේල් සිට අතට ලැබෙන වැටුප් වැඩි වීම,

5000 + 975 = 5975

ඉතිරිය 7113/- ක් හා 8250/- ලෙස 2026, 2027 ජනවාරි වලදී එකතු වෙනවා..


අමතක කරන්න එපා,

2025 වැඩිවීමෙන් 1078/-ක්,

2026 වැඩ්වීමෙන් 1169/-ක්,

2027 වැඩිවීමෙන් 1260/-ක්,

වැන්දඹු හා අනත්දරු ලෙස ආපසු අවම වැඩිවීමෙන් අයකර ගන්නවා මාසෙකට …




Gallery