දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By krishani Aug 07, 2022 06:13 AM GMT
Report

කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇනහිට තිබූ ත්‍රිකුණාමලය - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (07) සිට නැවත ගමන් ආරම්භ කිරීමට නියමිතය.

කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග ත්‍රිකුණාමලය - කොළඹ දුම්රිය ගල්ඔයට පමණක් සීමා වූ අතර එම නිසා ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන මගීන්ට මඩකලපුවේ සිට පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රියට මාරුවීමට සිදුවිය.

මගීන්ගේ දැඩි ඉල්ලීම පරිදි නැවතත් එම දුම්රිය ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර එම නව දුම්රිය මැදිරි 11කින් සමන්විත අතර වායු සමීකරණය කළ මැදිරි දෙකක්, 2වන පන්තිය සහ පළමු පන්තිය වශයෙන් මගීන්ගේ පහසුව සඳහා යොදවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join