මෙරට බලධාරින්ට ඇමෙරිකානු රජයෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka United States of America Sri Lankan political crisis
By Sewvandhi Jul 10, 2022 08:58 AM GMT
Report

උද්ගතව ඇති තත්ත්වයට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමෙරිකානු රජය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

කිසිදු දේශපාලන පක්ෂයක අභිවෘද්ධියට නොව ජනතාවගේ අභිවෘද්ධිය පිළිබඳ සලකා පවතින තත්ත්වයට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුව පියවර ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

රට තුළ දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පත්ව ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස පවතින රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්කෙරෙන නව රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු පවසයි.

ඊයේ (09) පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවූ ප්‍රහාර පිළිබඳව අප්‍රසාදය පළ කරන අමෙරිකානු රජය විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ද පෙන්වාදී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now