"සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොරනඩයට අවස්ථා දෙන්න බෑ...නැකැත් එපා වහාම ඉල්ලා අස්වෙන්න.." අරගලකරුවන්ගෙන් විශේෂ දැනුම්දීමක්..!

Galle Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 10, 2022 04:04 PM GMT
Report

ඉල්ලා අස්වීම සඳහා තවදුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දෙන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.

රටේ ජනතාව ඉවත්ව යන්නැයි කී පසු නැකත් අදාළ නොවන බවත්, ඉල්ලා අස්වීම නොදී කුමන හෝ ක්‍රමයකින් තව දවසක් හෝ බලයේ සිටීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් එයට ඉඩ නොදෙන බවත්, ඔවුන් ඉල්ලා අස්වන තුරු ජනතාව දැනට අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම්කාර්යාලය යන ගොඩනැගිලි ජනතා අයිතියෙන් ඉවත් නොවනු ඇති බවත්, අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය. 

 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපල ඉවත් වූ පසු ගොඩනැගිය යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොව අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බවත් ඔහු සඳහන් කළේය. 

 සර්වපාක්ෂික ආණ්ඩු ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන්නේ නම් එයට ඉඩනොදෙන බව කී මුදලිගේ මහතා ‘ජනතාව අරගල කළේ, තරුණයන් වෙඩි කෑවේ හා තෙල් පෝලිම්වල මියගියේ සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොරනඩයට අවස්ථාව දෙන්නට නොවේ,” යැයි ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමේ පිහිටි සිනමා ශාලාවේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. අරගලය නියෝජනය කරමින් තවත් පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now