ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් පිරිසකගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරේ - පොලීසියෙන් විශේෂ නිවේදනයක් ...(PHOTOS)
Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනු ලබනවා
. 2022-07-09 වන දින ජනාධිපති මන්දිරයට විරෝධතා කරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ දේපළ වලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කරනු ලබනවා.
ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සීසීටීවී දර්ශන මඟින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 32 ක් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතන අතර මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
071-8591559 071-8085585 011-2391358 1997 (Hotline)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |




