අරගලකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක්..එම අවස්ථාවේ වීඩියෝ සහිතයි..(VIDEO)
Galle Face Protest
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sithumi
අද (26) සවස් කාලයේදී කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ කොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව සිදුකළ විරෝධතාවයන්ට සමගාමීව ඊට සම්බන්ධ විරෝධතාකරුවන් පිරිසක් විසින් පසුගිය 13 වනදා ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ජාතික රූපවාහිනී සංස්ථාව වෙත ඇතුළුවී එහි සජීවීව පෙනීසිටිමින් සහ එහි විකාශන කටයුතු යම් කාලසීමාවකට අත්හිටුවීමට හේතුවූ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ඔහු හඳුනාගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 31 හැවිරිදි වෑබඩ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පසුවන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

