සාමකාමී විරෝධතාවලට පොලීසියෙන් කිසිදු බාධාවක් නෑ..! ඉදිරි පියවර ගැන පොලීසියෙන් දැනුම්දීමක්
නීතියෙන් තහවුරු කර ඇති භාෂණයේ අයිතියට සහ එක්රැස්වීමේ නිදහස පොලීසිය පිලිගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගාලුමුවදොර ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති අයිතිවාසිකම් භුක්ති විඳීම, සාමකාමීව රැස්වීම, සාමකාමීව විරෝධතා දැක්වීමට ජනතාවට හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව සාමකාමීව විරෝධතා දැක්වීමට කිසිදු බාධාවක් පොලිසියෙන් සිදු නොකරන අතර කිසියම් අයෙක් ප්‍රචණ්ඩකාරීව, කලකහාරීව, නීතිය හෑල්ලුවට පත් කරමින්, නීතිය ක්‍රියාත්මක කරනන නිලධාරීන් හෑල්ලුවට ලක් කරමින් සමාජයේ නීතිය හා සාමය රැකීමට බාධා කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමට සිදුවන බව ඔහු අවධාරණය කළා.
මේ අතර, ජනාධිපති කාර්යාලය මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රධානම කාර්යාල පද්ධතිය වන බැවින් විධායක ජනාධිපතිවරයෙකු පත් වූ පසු එම කටයුතු සිදුකරගෙන යාමට අදාළ ස්ථානය නිදහස් කරදීම පොලීසියට පැවරී ඇති වගකීමක් බව ද ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |