ජනතාවට ලබාදෙන සුබසාධන ප්‍රතිලාභ ගැන අලුත්ම තීරණයක්

Sri Lanka
By Sithumi Mar 02, 2023 01:46 PM GMT
Report

 සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කෙරෙන සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් හඳුනාගැනීමේ දත්ත සමීක්ෂණය එළඹෙන මාර්තු 31 වනදායින් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සුබසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ක්ෂේත්‍ර නිලධාරීන්ට නිවැරදි හා කාලෝචිත දත්ත ලබා දෙන ලෙසය.

එසේම නියමිත දිනට පෙර දත්ත සැපයීමට අපොහොසත් වීම ප්‍රතිලාභ අහිමි වීමට හේතු විය හැකි බවද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now