මෙරටට ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද..? ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Army Sri Lanka Ministry of Defense Sri Lanka
By Sewvandhi Jul 04, 2022 02:55 PM GMT
Report

පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු සඳහන්කර ඇති ලිපියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශය පෙන්වාදෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපියට අදාළ බුද්ධි තොරතුරු පිළිබඳව ඉදිරි පරීක්ෂණ මේ වනවිට සිදුකරනු ලබන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදී ඉහළ ආරක්ෂාවක් තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බවය.

ඒ අනුව කලබල වීමකින් තොරව එදිනෙදා කටයුතුවල නිරතවන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඊට අදාළව ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ ලිපිය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now



Gallery