ඉදිරියට ගෑස් සැපයුම සිදු වන්නේ මෙහෙමයි - ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්.

Sri Lanka Litro Gas Sapugaskanda
By Wayomi May 30, 2023 04:24 AM GMT
Report

නව ගෑස් පර්යන්තයක් සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ ඉදිකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ, මේ වනවිට පවතින අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්.

සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් කියා සිටියේ, මෙම නව පර්යන්තය හරහා දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW