රටේ නායකත්වය දිය යුතුම පුද්ගලයා IDU හෙළිකරයි.

Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka
By Sithumi Jul 26, 2022 06:03 PM GMT
Report

ශ්‍රී ලංකාවෙි නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි.

ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි.

ජනාධිපති වික්‍රමසිංහ බලයට පත්වන්නේ රට මුහුණ දුන් අභියෝගාත්මකම දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ බවත් සය වතාවක් අගමැතිවරයකු ලෙස වික්‍රමසිංහ මහතා යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා සහයෝගය ලබා ගනිමින් දේශපාලන අර්බුද විසඳා ගත හැකි බව ඔප්පු කර ඇතැයි ද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.

රට අර්බුදයෙන් මුදා ගැනීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව, ජනාධිපති වික්‍රමසිංහ දරන ප්‍රයත්නයට සහාය දෙන ලෙස සියලුම ජාත්‍යන්තර මිතුරන්ගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.

rnil wi

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now