අධික උෂ්ණත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන්, අධ්‍යාපන අමාත්‍යංශයට විශේෂ මාර්ගෝපදේශ..

Ministry of Education Ministry of Health Sri Lanka Climate Change Education
By Sewvandhi දින 6 කට පෙර
Report

 අධ්‍යාපන අමාත්‍යංශය වෙත, පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය,නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.

ඒ අනුජ, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස මෙන්ම, වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හෝ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now