පැතිර යන මොළයේ උණ ගැන සෞඛ්‍ය අංශවලින් ජනතාවට විශේෂ දැනුම්දීමක්..!

Brain Cancer Cold Fever Matara Ministry of Health Sri Lanka Department of Prisons Sri Lanka
By Sewvandhi Dec 26, 2023 12:04 PM GMT
Report

සෞඛ්‍ය අංශ පවසන්නේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලද මාතර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී ඉන් එක් අයෙකුට මෙනින් ජයටිස් හෙවත් මොළයේ උණ රෝග තත්ත්වය වැළදී ඇති බවට තහවුරු වු බවයි.

රෝගීන් සිව්දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකළ බවත් එහිදි එක් රැඳවියෙකුට පමණක් මොළයේ උණ රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති බවත් බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවා.

මොළයේ උණ රෝගය වැළදී ඇති බවට සැක කෙරෙන මාතර බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔවුන් සියලුදෙනාගේ ජෛව සාම්පල මේ වනවිට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.

එනම් මෙහිදී, මොළයේ උණ රෝගය වැළඳී එක් රැඳවියෙකු මිය ගිය අතර මේ වන විට මාතර බන්ධනාගාරයට අලුතින් රැඳවියන් එකතු කිරීම නවතා දමා තිබෙනවා.

දැනට සිටින රැඳවියන්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කර ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත මාතර බන්ධනාගාරය අවට ඉන්න ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි, බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.