යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක්..!
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින දේශපාලනික , සමාජීය පසුබිම සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබඳ ජාත්‍යන්තර යුරෝපා සංගමයේ ඉහළ නියෝජිතයා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු රටේ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහව තෝරාපත් කරගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කඩිනම් අවධානය යොමුවීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් පෙන්නුම් කරන බවයි.
පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමුකරන යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ගන්නා ප්‍රචණ්ඩකාරී මර්දන පිළිවෙත එතරම් සුබදායක නොවන අතර, සාමකාමීව රැස්වීමේ අයිතියේ වැදගත්කම සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි.
එය මර්දනයට අනවශ්‍ය බලය යෙදීම තරයේ හෙළා දකින යුරෝපා සංගමය එසේ සිදු නොකරන ලෙසට ද ඉල්ලා සිටිනවා. රටෙහි ආර්ථ්කය තිරසර මාවතකට ගෙන ඒමට ව්‍යූහගත ප්‍රතිසංස්කරණ සැලැස්මක් කඩිනමින් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම දේශීයත්වයට අත්‍යවශ්‍ය වන බවත්, මෙම සන්දර්භය තුළ යහපාලනය සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කරමින් මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය රැකගැනීම අනිවාර්යය කාරණාවක් බව ද යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සිහිපත් කර සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
