මැතිවරණ කොමිසමෙන් හදිස්සි දැනුම්දීමක්

Election Commission of Sri Lanka Sri Lanka
By Sithumi Jan 10, 2023 02:22 PM GMT
Report

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් භාර ගැනීම අත්හිටුවන්නැයි දන්වා ඇති බවට සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් විශේෂ සඳහනක් සිදුකළා.

එහිදී සභාපතිවරයා පැවසුවේ එලෙස ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපි ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකුද තමන්ට දැනුම් දුන් බවය.

ඒ අනුව, හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now