ඔබටත් සමරු කාසිය මිලදී ගන්න සුවිශේෂි අවස්ථාවක් - මහ බැංකුවෙන් නිවේදනයක්.. !

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Mar 08, 2023 06:16 PM GMT
Report

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් 09 වනදා සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත සඳහන් ස්ථාන හරහා මිලදීගැනීමේ අවස්ථාව හිමිවන බවයි.

කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමි පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කිරීමට නියමිතය.

ඊට අදාළ නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

Gallery