ත්‍රස්ත පනත ගැන එළියට ආ අලුත්ම හෙලිදරව්ව..!

Sri Lanka Bar Association of Sri Lanka
By Sewvandhi Apr 26, 2023 06:20 PM GMT
Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බවයි.

නීතිඥ  සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

අදාල කමිටුවේ දී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ 3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවයි.

එසේම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසයි.

අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත බවද එහි සඳහන්ව ඇත.

එසේම මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගතයුතු නීතිමය පියවර අදාළ අවස්ථාවන්වලදී ගන්නා බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now