මැතිවරණය ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්..!
ශ්‍රී ලංකා නීතීඥ සංගමය, සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංගයක් වන පසුබිමක මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රජය ගනු ලබන උත්සාහය පිළිබඳව දැඩි කණස්සල්ල පළකර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක්ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් බලපා ඇති බවයි.
නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ, රාජ්‍ය මුද්‍රණාලයාධිපතිනියගේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල එම ක්‍රියාකලාපය මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණෙන්ම ගත් උත්සාහයන් බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බවයි.
මැතිවරණ කොමිසමට සහාය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර එසේ සිදුනොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |