"..ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුයි." නව ජනපති පත් කිරීම ගැන නීතිඥ සංගමයෙන් සුවිශේෂී නිවේදනයක්..!

Parliament of Sri Lanka Sri Lanka President of Sri lanka Bar Association of Sri Lanka
By Sewvandhi Jul 15, 2022 10:32 AM GMT
Report

නව ජනපතිවරයා තෝරා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ශ්‍රී ලංකාවේ සමස්ත මැතිවරණ කොට්ඨාසයම නියෝජනය කරන අතර ජනතා පරමාධිපත්‍යයට සහ ඔවුන්ගේ කැමැත්තට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරමින් මෙම භාරදූර රාජකාරිය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

කාලීන අවශ්‍යතාවය වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා මත නොව රටේ යහපත මත පදනම්ව තීරණ ගැනීමයි.

ශ්‍රී ලංකාව තවදුරටත් ව්‍යාකූලත්වයට පත්වීම වැළැක්වීමට සහ සමාජ, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට හැකි සෑම දෙයක්ම කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery