ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 29, 2022 06:28 PM GMT
Report

ඉන්ධන අර්බුධයත් සමඟ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකටවත් පෙර රෝහල් ගත වන්නැයි නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ගැබිණි මව්වරුන්ට දැනුම් දෙනවා.

ගතවූ දින කිහිපය තුළ දිවයින පුරා නිවෙස්වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන්වල ඉහළ යෑමක් වාර්තාවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

ඒ අනුව පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකෝට්ටේ සහ මෝදර ඇතුලු ප්‍රදේශ කිහිපයකින් එවැනි සිද්ධීන් වාර්තාවී තිබෙනවා.

දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මව්වරුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ගැබිනි මව්වරුන් දැනුවත් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now