පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ජනතාවට විශේෂ දැනුම්දීමක්...ක්ශනිකව අමතන්න.....

Police spokesman Sri Lanka Police Bandula Gunawardane
By Sewvandhi Feb 27, 2024 01:24 PM GMT
Report

ලංගම බසයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් සිදු වන්නේ නම් ඕනෑම වෙලාවක දැනුම්දිය හැකි දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් 1958 දුරකතන අංකයට අමතන ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසූ බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි විනය විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයන්ට විනයානුකූලව දඬුවම් පමුණුවන බවයි.